Loading...

IMF අපිට හොඳයි කිව්වා – රාජ්‍ය ඇමති ෂෙහාන් කියයි

මෙරට ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනේ ප්‍රගතිය පිළිබඳව සහ එහි ක්‍රියාකාරීත්වය සම්බන්ධව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමනාකරණ අධ්‍යක්ෂ කෙන්ජි ඔකමූරා මහතා පැසසුමට ලක්කර තිබෙනවා.


ඔහු මෙලෙස ප්‍රකාශ කර ඇත්තේ එම අරමුදලේ වසර මැද සමුළුවට සහභාගී වීම සඳහා වොෂින්ටන් නුවරට ගොස් සිටින මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා සමඟ පැවැති සාකච්ඡාවකදීයි.

ඊට අමතරව මුල්‍ය අරමුදලේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව සඳහා විධායක අධ්‍යක්ෂක ආචාර්ය ක්‍රිෂ්ණමූර්ති සුබ්‍රමනියන් සහ මුදල් රාජ්‍ය අමාත්‍යවරයා අතර හමුවක් ද පැවැත්වුණා.

මෙහිදී මාර්තු මස එළඹුණු කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුමෙන් පසු මුල්‍ය අරමුදලේ දෙවන සමාලෝචනය අවසන් කිරීම සම්බන්ධවද සාකච්ඡාවට ලක්ව තිබෙනවා.

මුදල් රාජ්‍ය අමාත්‍යවරයා ලෝක බැංකුවේ ශ්‍රී ලංකාව සඳහා වන විධායක අධ්‍යක්ෂක පරමේෂ්වරන් අයියර් සමඟ ද සාකච්ඡාවක් ද පවත්වා ඇති අතර එහිදී ශ්‍රී ලංකා වෙනුවෙන් උපරිම සහය ලබා දෙන බවට ද ඔහු ප්‍රකාශ කළ බවයි මුදල් අමාත්‍යාංශය කියා සිටියේ.

මේ අතර මෙරට ආර්ථිකයේ වර්ධනය සහ ආයෝජන අවස්ථාවන් පිළිබඳව ජාත්‍යන්තර අවබෝධය සඳහා වූ ව්‍යාපාරික කවුන්සිලය සමඟ සාකච්ඡාවක් සඳහා මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා එක වුණා.

එහිදී ශ්‍රී ලංකාවේ ආයෝජකයන් සඳහා ඇති අවස්ථා සහ අධ්‍යාපනය, සංචාරක ව්‍යාපාරය, පුනර්ජනනනීය බල ශක්තිය, කෘෂිකර්මය සහ තාක්ෂණය ඇතුළු ක්ෂේත්‍රවල උපාය මාර්ගික ආයෝජන මඟින් තිරසාර ආර්ථික වර්ධනයක් ලබාගත හැකි ක්‍රම පිළිබඳවද සාකච්ඡා කර ඇති බව සඳහන් වනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *