Loading...

රජය ඉල්ලුවොත් රුසියා යුක්‍රේන යුද්ධය කුලී හමුදාවට ගිය අය සතියකින් ගෙන්නලා දෙන්නම් – උදයංග වීරතුංග

රජය තමන්ගෙන් ඉල්ලීමක් කළහොත් දැනට රුසියාවේ හා යුක්‍රේනයේ කුලී හමුදාවන් ලෙස සේවය කරන ශ්‍රී ලාංකික හමුදා සෙබළුන් සතියක් තුල මෙරටට ගෙන්වා දීමට හැකි බව රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා පවසනවා.

ඊයේ (12) මත්තල ගුවන් තොටුපොළ පරිශ්‍රයේ දී මාධ්‍යවේදීන් ඇසු ප්‍රශ්ණයකට පිළිතුරු ලබාදෙමින් ඔහු මේ බව සඳහන් කළා.

එහිදී අදහස් දැක්වූ ඒ මහතා, “අද වන විට ලංකාවේ හමුදා සෙබළුන් විවිධ රටවලට කුළී හමුදාවන් ලෙස සේවය කිරීමට යැවිම නිසා අකාලයේ ඔවුන්ගේ ජීවිත විනාශ වෙමින් තියෙනවා.

ලංකාවේ හා පිට රට ඉන්න විවිධ ජාවාරම්කාරයන් එකතු වෙලා තමයි මේ ජාවාරම කරගෙන යන්නේ. මේ සඳහා ලංකා රජය වගේම නිළධාරීන්නුත් වගකියන්න ඕනේ.

රුසියානු හා යුක්රේන රජය ඍජුව කුළී හමුදාවන් ගන්නේ නෑ. අතරමැදියන් හරහා තමයි කුළී හමුදාව ගන්නේ. ඒ කුළී හමුව සම්බන්ධයෙන් යුක්රේනය හෝ රුසියාව කිසිදු වගකිමක් ගන්නේ නෑ. එලෙස බඳවා ගන්නා කුළී හමුදාවන්ට කිසිදු පුහුණුවක් ලබා දෙන්නේ නෑ. ඒ අය කෙලින්ම යොමු කරන්නේ යුද්ධයේ ඉදිරි වළල්ලට.

යුක්රේනයේ තානාපති වරයෙක් මා එක්ක කිව්වා ඉදිරි වළල්ලේ විදේශිකයන් 1500ක් විතර කුළී හමුදාවක් ඉන්නවා. ඒ අතර ශ්‍රී ලාංකික සෙබළුනුත් විශාල පිරිසක් ඉන්නවා. ඒ මැරුණ කෙනෙකුගේ බොඩි එකක්වත් ලංකාවට ගෙන ඒම සම්බන්ධයෙන් කිසිදු ක්‍රියා මාර්ගයක් නෑ කිවුවා.

රුසියාව හෝ යුක්රේනයේ හමුදාවට නීත්‍යනුකූලව බැඳෙන්න නම් ඒ රටේ පුරවැසියෙකු විය යුතුයි. මේ ආකාරයට බඳවා ගන්නා අය සම්බන්ධයෙන් ඒ රටවල් දෙකෙහිම කිසිදු වගකිමක් නෑ. ඒ නිසා මේක ජාවාරමක්. මේකට අහු වෙන්න එපා.

මේක එක පැත්තකට ලැබෙන ටිකට් එකක් මිසක් මේකේ රිටන් ටිකට් එක්ක නෑ. මම තානාපති විදියට නම් කටයුතු කරන්නේ මට මේක විසඳන්න සතියක් වගේ යාවි.

මේ වෙනකොට යුද්ධයට ගිහින් අපේ ලාංකික සෙබළුන් 20කට ආසන්න පිරිසක් මියගොස් ඇති බව වාර්තා වෙලා තියෙනවා. මෙය ඉතා දරුණු තත්වයක්. මේ වන විට තානාපති කාර්යාල මගින් මෙම සෙබළුවන් යළි දිවයිනට ගෙන්වා ගැනීමට කිසිදු ක්‍රියාමාර්ගයක් ගන්නා බවක් පේන්න නෑ.

මම රුසියාවේ හිටපු තානාපතිවරයා ලෙස මගෙන් රජය පාර්ශවයෙන් යම් ඉල්ලීමක් කලොත් මේ සෙබළුන් සතියක් තුළ මෙරටට ගෙන්වා ගැනීමට මට හැකියාව තියෙනවා.

මේක රුසියාවේ රජය සමග මැදිහත් වෙලා කතා කරලා දවසින් මේ ප්‍රශ්නය විසදන්න පුළුන්. හැබැයි එහෙම කරන්න තරම් නිළධාරියෙක් පේනතෙක් මානයකවත් නෑ. බලන්නකෝ තානාපතිවරු ඉන්නවා, ලේකම්වරු ඉන්නවා, තව තව නිළධාරීන් ඉන්නවා. කෝ මේ අය මොකද්ද කරන්නේ. මේ සම්බන්ධයෙන් කිසිවෙකුත් වගකීමෙන් කටයුතු කරන්නේ නෑ.”


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *