ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර අද (26) මෙල්බර්න් හිදී ආරම්භ වූ සිව්වන ටෙස්ට් තරඟයේ දී ඇති වූ සිද්ධිය පිළිබඳව ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක විරාත් කෝලිට එරෙහිව දඩයක් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය කටයුතු කර තිබෙනවා.
ජාත්‍යන්තර ක්‍රීඩා මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ ඕස්ට්‍රේලියානු ආරම්භක පිතිකරු සෑම් කොන්ටාස්ගේ උරහිසෙහි ගැටී ඔහු සමඟ මතභේදයක් ඇති කර ගැනීම පිළිබඳව විරාත් කෝලිගේ තරඟ ගාස්තුවෙන් 20%ක් දඩයක් පනවා ඇති බවයි.
ඊට අමතරව ඔහුගේ විනය වාර්තාවට දඬුවම් ලකුණක් එකතු කිරීමටත් ICC කටයුතු කර තිබෙනවා.
තරඟයේ පළමු දින 10 වැනි පන්දු ඕවරය අවසානයේ දී කෝලි කොන්ටාස් වෙත ඇවිද ගොස් උවමනාවෙන් මෙන් ඔහුගේ උරහිසේ ගැටෙන අයුරු දැක්වෙන වීඩියෝ මේ වන විට සමාජ මාධ්‍යයේ සංසරණය වෙමින් පවතිනවා.
තම මංගල ටෙස්ට් තරඟයට ක්‍රීඩා කරන කොන්ටාස් වේගවත් ලකුණු 60ක් රැස් කිරීමට සමත් වුණා.








Leave a Reply