Loading...

හොරණ වෙඩික්කරු කටුනායක ගුවන් තොටුපොළේ දී පොලිස් අත්අඩංගුවට

හොරණ ග්‍රේස්ලන්ඩ් වත්ත ප්‍රදේශයේදී ව්‍යාපාරිකයාට වෙඩි තැබූ බවට හඳුනා ගෙන තිබූ ප්‍රධාන සැකකරු සිද්ධිය සිදුවී පැය කිහිපයකට පසු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඩුබායි රාජ්‍ය වෙත පලායාම සඳහා පැමිණි අවස්ථාවේදී කටුනායක ගුවන් තොටුපළේදී මෙම සැකකරු අත්අඩංගුවට ගත් බවයි පොලීසිය කියා සිටියේ.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේහොරණ කුඩා උඩුව හොරකැටිය ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි පුද්ගලයෙකි.

වෙඩි තැබීමෙන් තුවාල ලද ව්‍යාපාරිකයා විසින් රෝහල් ගත කිරීමේදී පොලීසිය වෙත ලබාදුන් ප්‍රකාශය මත පදනම් කරගනිමින් සැකකරු සම්බන්ධයෙන් දිවයිනේ පොලීසිවලට සහ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත දැනුම් දී තිබුණා.

ඒ අනුව ගුවන් තොටුපලේ ස්ථාපිත කර තිබෙන ආරක්ෂිත කැමරා ආශ්‍රිතව මුහුණු මඟින් සැකකරුවන් හඳුනා ගන්නා තාක්ෂනය ඔස්සේ අදාළ සැකකරු හඳුනා ගැනීමට පොලීසිය කටයුතු කරනු ලැබුවා.

පොලීසිය සිදුකළ මුලික පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ සැකකරු මීට දින කිහිපයකට පෙර ඩුබායි රාජ්‍යයේ සිට මෙරටට පැමිණි බවත් අද (06) දින නැවත එරටට යාම සිටි ඔහු වෙඩි තැබීමෙන් පසු ලහි ලහියේ ඊයේ (05) ඩුබායි රාජ්‍ය වෙත යාම සඳහා පැමිණ තිබූ බවත්ය.

සිද්ධිය සම්බන්ධයෙන් හොරණ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *