Onmax DT පිරමීඩ ආයෝජන ක්‍රමයේ මුදල් ආයෝජනය කර අගතියට පත්ව ඇති තැන්පත්කරුවන් ගේ මුදල් ආපසු ගෙවීමේ වැඩපිළිවෙලක් සකස් කර අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (02) අදාළ සමාගමේ අධ්‍යක්ෂකවරුන්ට නියෝග කළා.
ඊට අදාළ පැමිණිල්ලේ අද (02) කැඳවූ අවස්ථාවේදී අදාළ සිද්ධිය සම්බන්ධව ඇප මත මුදා හැර සිටින එම සමාගමේ අධ්‍යක්ෂකවරුන් 4 දෙනා ද අධිකරණයේ පෙනී සිටියා.
මෙහිදී විමර්ශන සිදුකරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ සිද්ධියට අදාළව පැමිණිලි 345ක් පමණ ලැබී තිබෙන බවයි.
ඊට අමතරව සිද්ධියට පුද්ගලයින් ගණනාවක් පිළිබඳව තොරතුරු අනාවරණය වී ඇති බවද මෙම නඩු විභාගයේ දී අනාවරණය වුණා.
තවද ඔවුන්ගෙන් හය දෙදෙනෙකු විදේශගත වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙසද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා සිට ඇති බව සඳහන්.
අදාළ ඉල්ලීම පිළිගත් මහේස්ත්‍රාත්වරයා අදාළ පුද්ගලයින් 6 දෙනා විදේශගත වීම වළක්වාලමින් නියෝගයක් ද නිකුත් කර තිබෙනවා.
මෙහිදී වැඩිදුරටත් කරුණු දැක්වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පෙන්වා දී ඇත්තේ සිද්ධියට සම්බන්ධ සැකකාර අධ්‍යක්ෂවරයකුගේ භාරයේ තිබී ඔන්මැක්ස් පිරමීඩ ආයෝජන සැලැස්මට අදාළ ලේඛන සොයාගෙන තිබෙන බවත්, ඒවා රජයේ සැකකටයුතු අත්අකුරු පරීක්ෂකවරයා වෙත යොමු කර වාර්තාවක් කැඳවීමට අවසර දෙන ලෙසත් ඉල්ලා සිටියා.
Leave a Reply