Loading...

,

හරීන් ප්‍රනාන්දු අත්අඩංගුවට

මැතිවරණයේ නිහඬ කාලයේ බදුල්ල නගරයේ නීති විරෝධී පෙළපාලියක් පැවැත්වීමේ සිද්ධිය පිළිබඳව හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා බදුල්ල පොලීසිය විසින් අද (20) උදෑසන අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් මන්ත්‍රීවරයා මේ වන විට හරීන් ප්‍රනාන්දු මහතාගෙන් සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කරගනිමින් පවතින බවයි.

හිටපු අමාත්‍යවරයා පසුගිය 11 වනදා ආධාරකරුවන් පිරිසක් සමඟ අත්පත්‍රිකා බෙදා හරිමින් රතිඤ්ඤා දල්වමින් පෙළපාළියේ ගමන් කරමින් සිටියදී ජනතාවගෙන් ලැබුණු පැමිණිලි මත මැතිවරණ ආරවුල් නිරවුල් කිරීමේ මධ්‍යස්ථානය සහ බදුල්ල පොලීසිය විසින් විසුරුවා හරිනු ලැබුවා.

මෙහිදී හරීන් ප්‍රනාන්දු මහතා සහ පොලිස් නිලධාරීන් අතර ඇති වූ සංවාදයක් හේතුවෙන් එහි නොසන්සුන් තත්ත්වයක් ද ඇති වූ අතර හිටපු අමාත්‍යවරයා ඇඳ සිටි ටී ෂර්ටය පවා ගලා දමමින් එම අවස්ථාවේ නොසන්සුන් අයුරින් හැසිරෙනු දක්කනට ලැබුණා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *