Loading...

භාවිත කළ වාහන ආනයන බදු ක්‍රමවේදය සංශෝධනයට රජයේ අවධානය

ශ්‍රී ලංකාවට භාවිත කළ වාහන ආනයනය කිරීමේදී භාවිත කරන බදු සහ වටිනාකම් තක්සේරු ක්‍රමවේදය සංශෝධනය කිරීම සම්බන්ධයෙන් රජය අවධානය යොමු කර තිබෙනවා.

ඒ, එක්සත් ජනපදය විසින් World Trade Organization (WTO) වෙත ඉදිරිපත් කර ඇති පැමිණිල්ලක් සැලකිල්ලට ගනිමින්.

2016 වසරේ සිට ක්‍රියාත්මක වන වත්මන් ක්‍රමවේදයට අනුව, ආනයනය කරන භාවිත කළ වාහනයක වටිනාකම තීරණය කරනු ලබන්නේ එම වාහනයේ අදාළ රටේ නව වාහනයක බදු රහිත මිලෙන් අවම වශයෙන් සියයට 85ක් ලෙසයි.

කෙසේ වෙතත්, මෙම තක්සේරු ක්‍රමවේදය ජාත්‍යන්තර වෙළෙඳ නීති සහ WTO තක්සේරු ගිවිසුම් සමඟ සම්පූර්ණයෙන්ම අනුකූල නොවිය හැකි බවට අවධානය යොමුවී ඇති බව සඳහන්.

ඒ අනුව, රජයේ බදු ආදායම ආරක්ෂා කරගැනීමත්, ජාත්‍යන්තර වෙළෙඳ බැඳීම්වලට අනුකූල වීමත් යන අරමුණු දෙකම සුරක්ෂිත වන පරිදි නව වටිනාකම් තක්සේරු සහ බදු ක්‍රමවේදයක් හඳුන්වාදීම සඳහා මේ වනවිට සාකච්ඡා ආරම්භ කර තිබෙනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *