Loading...

,

දේශබන්දු ධුරයෙන් පන්නා දමන්න ආණ්ඩුවෙන් පාර්ලිමේන්තුවට යෝජනාවක්

සේවය අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ධුරයෙන් ඉවත් කිරීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවට ගෙන ඒමට සුදානමක් ඇති බව ආණ්ඩුවේ ආරංචි මාර්ග සඳහන් කරනවා.

මේ අනුව ඔහු එම ධුරයෙන් කඩිනමින් පහ කිරීමට ආණ්ඩු පාර්ශවයෙන් ඉදිරිපත් කෙරෙනු ඇති බවයි වාර්තා වන්නේ.

ආණ්ඩුව සතුව ඇති 2/3 ක බලය උපයෝගී කරගනිමින් අදාළ යෝජනාව සම්මත කරගැනීමට නියමිත බව සඳහන්.

පොලිස්පති ධුරයේ කටයුතු කරමින් සිටි දේශබන්දු තෙන්නකෝන් මහතා රටේ නීතිය අවභාවිතය කර රාජ්‍යයේ විශ්වනීසත්භාවයට හානි වන ලෙස කටයුතු කිරීම මෙම යෝජනාවට නිමිත්ත කරගැනීමට නියමිතව තිබෙනවා.

වැලිගම පැලෑන W15 හෝටලය ඉදිරි පිට සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියට අදාළ චෝදනාව ලබා පොලිස් භාරයට පත්ව සිටින දේශබන්දු තෙන්නකෝන් මහතා දුම්බර බන්ධනාගාරයේ මේ වන විට රඳවා සිටිනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *