Loading...

ජනාධිපතිවරණයට සුදානම් වෙන්න – රනිල් කැබිනට් මණ්ඩලයට දැනුම් දෙයි

ජනාධිපතිවරණය ප්‍රථමයෙන් පවත්වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ඊයේ (18) පැවැති කැබිනට් මණ්ඩලයට ජනාධිපතිවරයා මේ බව දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ.

ඒ නිසා ජනාධිපතිවරණයට සුදානම් වන ලෙස ඔහු කැබිනට් මණ්ඩලය වෙත නිල වශයෙන් ප්‍රකාශ කර තිබෙනවා.

පළමුව පැවැත්වෙන්නේ මහ මැතිවරණයද? ජනාධිපතිවරණයද? යනුවෙන් පැතිරෙන මතවාද සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජනාධිපතිවරයා පැවසූයේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව මුලින් පැවැත්විය යුත්තේ ජනාධිපතිවරණය වන හෙයින් ඒ අනුවම කටයුතු සිදුවනු ඇති බවයි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *