ශ්‍රී ලංකාවේ මාසික ඉන්ධන අලෙවිය ඉහළ යමින් පවතින බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.
සිය X ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබෙනවා.
ඒ අනුව සිපෙට්කෝ, ලංකා අයිඕසී සහ සයිනොපෙක් යන මෙර්ටා තුළ ඉන්ධන බෙදා හරින ආයතන විසින් පසුගිය සමයේ දී අලෙවි කරන ලද ඉන්ධන ප්‍රමාණයන්ට අදාළ දත්ත වාර්තා ඉදිරිපත් කරමින් අමාත්‍යවරයා සඳහන් කරන්නේ මාර්තු මසදී ඉන්ධන අලෙවිය කැපී පෙනෙන ලෙස වෙනසක් සිදුව ඇති බවයි.
කොරෝනා වසංගතය සහ ආර්ථික අර්බුදය හේතුවෙන් සීමා කරන ලද ඉන්ධන පරිභෝජනය පසුගිය මාර්තු මසදී වී තිබෙන අතර එය නිරූපනය කරන ඔටෝ ඩීසල් පරිභෝජනය මෙට්‍රික් ටොන් 137927ක් දක්වා වර්ධනය වී තිබෙනවා.
මේ අතර මෙරට තුළ බහුලවම භාවිතා වන ඉන්ධන වර්ගය වන ඔක්ටේන් 92 වර්ගයේ ඩීසල් භාවිතය ද මාර්තු මසදී මෙට්‍රික් ටොන් 112545ක් දක්වා ඉහළ ගොස් ඇති බවද අමාත්‍යවරයාගේ වාර්තාවේ පෙන්වා දෙනවා.
දෙසැම්බර් මසදී ඔක්ටේන් 92 වර්ගය ඉන්ධන පරිභෝජනය මෙට්‍රික් ටොන් 113078ක් ලෙස සඳහන්ව ඇති බව සඳහන්.
ඒ අනුව අමාත්‍යවරයා මෙම දත්ත වාර්තා ප්‍රසිද්ධ කරමින් ශ්‍රී ලංකා ඛනිජ තෙල් බෙදා හරින්නන්ගේ සංගමය විසින් පසුගියදා සිදුකළ ප්‍රකාශය ප්‍රතික්ෂේප කර තිබෙනවා.
Leave a Reply