Loading...

පළමුව එන්නේ පාර්ලිමේන්තු මැතිවරණය? – උදයංග කියයි

පළමුව පැමිණෙන්නේ ජනාධිපතිවරණයක් නොව මහමැතිවරණයක් බව රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා පවසනවා.

ඒ මහතා මේ බව කියා සිටියේ හිරු නාලිකාව සමඟ සංවාදයක් නිරත වෙමින්.

මේ අනුව ලබන මස 14 හෝ 15 වනදා නියත වශයෙන්ම පාර්ලිමේන්තුව විසුරුවන බවයි ඔහු සඳහන් කළේ.

තවද අගමැති අපේක්ෂකයා ලෙස ව්‍යවසායක ධම්මික පෙරේරා මහතා ඉදිරිපත් වන බවද රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපතිවරයා ප්‍රකාශ කළා.

මේ සම්බන්ධව ජනාධිපතිවරයා සමඟ එකඟත්වයට පැමිණ අවසන් බව පවසන ඒ මහතා ජනාධිපතිවරණයට පෙර මහ මැතිවරණය පැවැත්වීමට ඇති කරගෙන එකඟතාව දන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ එක් අයෙක් පමණක් බවද ඔහු සඳහන් කළා.

වැඩිදුරටත් ඒ මහතා කියා සිටියේ ජනාධිපතිවරණයට රනිල් වික්‍රමසිංහ මහතා ස්ථිර වශයෙන්ම ඉදිරිපත් නොවන බවයි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *