ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලයේ දේශීය සෞඛ්‍ය විද්‍යා හා තාක්ෂණ පීඨයේ සිසුන් විසින් සංවිධානය කරන ලද ” පොත් දන්සල” 2024 පොසොන් මස 21 වන දින සාර්ථකව පැවැත්විණි. කොළඹ-නුවර මාර්ගයේ විශ්වවිද්‍යාල පරිශ්‍රය අසල පැවැත්වුණු මෙම උත්සවයට විශාල ජනතා ප්‍රතිචාරයක් ලැබීය.
“අද කියවන්නා හෙට නායකයකි” යන තේමාව යටතේ පැවැත්වුණු මෙම වැඩසටහන මගින් නව කතා, පරිවර්තන, අධ්‍යාපනික පොත්පත්, සඟරා ආදී විවිධ ප්‍රකාශන විශාල ප්‍රමාණයක් ජනතාව අතර බෙදා හැරිණි. කුඩා දරුවන්ගේ සිට වැඩිහිටියන් දක්වා විවිධ වයස් කාණ්ඩ නියෝජනය කරමින් විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.මෙවැනි වැඩසටහන් මගින් සමාජයේ කියවීමේ පුරුද්ද වර්ධනය වන අතර, දැනුම බෙදාහැරීමේ වැදගත්කම ද සදහන් කර සිටිය යුතුය.පොත් දන්සලට පැමිණි බොහෝ දෙනා තමන්ට අවශ්‍ය පොත් නොමිලේ ලබාගැනීමට හැකිවීම ගැන සතුට පළ කළහ. විශේෂයෙන්ම පාසල් සිසුන් සහ විශ්වවිද්‍යාල සිසුන් මෙම අවස්ථාව ඉතා උනන්දුවෙන් භාවිතා කරනු දැකගත හැකි විය.






මෙම වැඩසටහන සංවිධානය කළ සිසුන් පවසා සිටියේ ඔවුන්ගේ අපේක්ෂාවන් ඉක්මවා ගිය සාර්ථකත්වයක් ලැබුණු බවයි. ඔවුන් මහජනතාවගේ දායකත්වයට ස්තූතිය පළ කළ අතර, මෙවැනි වැඩසටහන් අනාගතයේදීත් පැවැත්වීමට බලාපොරොත්තු වන බව පැවසූහ.මෙවැනි වැඩසටහන් සංවිධානය කිරීම මගින් කියවීමේ සංස්කෘතිය ප්‍රවර්ධනය කිරීමටත්, දැනුම බෙදාහැරීමටත් විශාල දායකත්වයක් සැපයූ බව පැහැදිලි විය. එය ලාංකීය සමාජයේ අධ්‍යාපන සංවර්ධනයට කදිම පියවරක් ලෙස සැලකිය හැකිය








Leave a Reply