Loading...

ලෙඩ ගවයින් මසට ?

මෙරට දියර කිරි නිෂ්පාදනයේ ඉහල දායකත්වයක් කදුකර ප්‍රදේශයෙන් හිමිවේ.ඒ අතර නුවරඑළිය දිස්ත්‍රික්කයේ මස්කෙළිය ප්‍රදේශයේ දෛනික දියර කිරි නිෂ්පාදනය ලීටර් 7000 ත් 6500 පමණ විය .නමුත් ඉකුත් මාස තුනක පමණ කාලයක සිට එම තත්ත්වය සියයට 50 ත් වඩා අඩු මට්ටමක් දක්වා සිඝ්‍රයෙන් පහත බසිමින් තිබෙන බව කිරි ගොවිහු පවසති.

වැඩි දුරටත් මේ පිළිබදව  කරුණු දක්වන කිරි ගොවිහු පවසන්නේ ගවයින්ගේ සිරුරේ මිට මාස තුනකට පමණ පෙර ගැටිති ස්වභාවයක් ඇති වු බවත් පසුව සිරුර පුරාම මේ ආකාරයෙන් තුවාල ඇති වූ බවත්ය.එම කාලය තුල දී සතා ජලය පානය කිරිම ,ආහාර ගැනිම කෙමෙන් කෙමෙන් අඩු වීම හා කකුල් ඉදිමි හිටගෙන සිටිමට පවා නොහැකි වන බවයී .ඒ ආකාරයෙන් ටික කලක් ගත කිරිමෙන් පසු සතුන් මිය යන බව පවසති .මස්කෙළිය වාලමලේ ප්‍රදේශයේ පමණක් පසුගිය මාසය තුල සතුන් 20 ට වැඩි ප්‍රමාණයක් මිය ගොස් තිබේ.ඇතැම් පුද්ගලයින් ලෙඩ වු සතුන් අඩු මුදලට මස් පිණිස විකිණු අවස්ථා ද අනාවරණය විය.

මෙතෙක් නිසි ප්‍රතිකාරයක් නොමැති බව හා ගොවිහු විවිධ අත් බෙහෙත් ලබා සිදු කරමින් සිටිති. එමෙන්ම කිරි මිලදි ගන්නා සමාගම් විසින් ගොවියන් වෙත ලබා දුන් විවිධ ඖෂධ වර්ග සතුන්ට ලබා දීම සිදු කරමින් සිටි  . මෙසේ අසනීප වු සතුන්ගෙන් කිරි අස්වැන්න ද සීඝ්‍රයෙන් අඩු වීම නිසා ආර්ථික වශයෙන් ද විශාල පසු බැසීමකට පත්ව ඇති බව පවසති.

රජයේ පශු වෛද්‍යවරයාගෙන් සේවයක් නොලැබෙන බවට ද චෝදනා කරන ගොවිහු ඔවුන් ට සෑම දෙයකටම මුදල් ගෙවිය යුතු බවත් එසේ ගෙවීමට නොමැති නිසා පශු වෛද්‍යවරයා නොපැමිණෙන බවට ද චෝදනා කරයි .එමෙන්ම සතෙකුට අසනීප බව පැවසුවද නිසි වෙලාවට නොපැමිණෙන බවටද පවසති . මිය යෑමට ආසන්න රුපියල් ලක්ෂ තුනත් හතරත් අතර වටිනාකමක් තිබෙන සතුන් මස් පිණිස රුපියල් පනස් දහසක් හෝ ඊට අඩුවෙන් අලෙවි කිරිමේ තත්ත්වයක් ද සිදු කරමින් තිබේ .

මේ ආකාරයෙන් මෙම රෝගි තත්ත්වය තව දුරටත් ප්‍රදේශය පුරාම පැතිර ගියහොත් දියර කිරි නිෂ්පාදනය මුළුමනින් ම බිද වැටෙන අතර විශාල  පිරිසකට රැකියා අහිමිවීමේ තත්ත්වයක් ද උද්ගත වනු ඇත.කිරි ගොවියන් විසින් නගන මේ චෝදනා සම්බන්ධයෙන් මස්කෙළිය පශු වෛද්‍ය නිලධාරි  ආර්.පි.එස්.එල්.පි කුමාර මහතාගෙන් කල විමසුමකදී පැවසුවේ,

“මේ සතුන්ට ඇතිවී තිබෙන්නේ හමේ ගැටති රෝගය නම් වසංගත තත්ත්වයක් (L.S.D) බවත් වෛරස් තත්ත්වයක් නිසා හට ගන්නා රෝගය බොහෝ විට සුව වෙන්නේ ස්වභාවික ප්‍රතිශක්තිකරණය වර්ධනය විමෙන් .ඒ අවස්ථාවදී දුර්වල සතුන් මියාමේ ඉඩකඩ තිබෙනවා .රෝගී සතුන් මස් පිනිස අලෙවි කිරිම තහනම් .එහෙම සතුන් සදහාසත්ව සෞඛ්‍ය සහතිකය’ නිකුත් කරන්නෑ .එම නිසා ප්‍රවාහනයත් තහනම් .කවුරු හරි එහෙම කරනවනම් වැරදියී .සතුන් ට බෙහෙත් කීරිමේ දී බෙහෙත් වලට විශාල මිලක් යනවා .නමුත් අපිටත් බෙහෙත් නිකන් දෙන්නෑ . බෙහෙත් සදහා රජය අය කිරිමක් කරනවා.එම මුදල ලබා ගන්නේ ගොවියන්ගෙන් . සතෙකුට බෙහෙත් කිපයක් ලබා දෙන විට වැඩි මිලක් ගෙවන්න වෙනවා .ඒක දරන්න අමාරුයි ගොවියන්ට

සටහන – චන්දන ජයවීර


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *