Loading...

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම ලබන වසරේ ශ්‍රී ලංකාවේ තරඟ සංචාරයක

එක්දින හා විස්සයි විස්ස තරඟ 3ක් බැඟින් වූ සංචාරයක් සඳහා එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන බව එරට ක්‍රිකට් ආයතනය අද (20) නිල වශයෙන් තහවුරු කර තිබෙනවා.

එළැඹෙන විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලිය පෙර සුදානමක් ලෙස ඔවුන් මෙම සංචාරය සිදු කිරීමට නියමිතයි.

තරඟාවලිය ලබන වසරේ මුල් මසදී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

පළමු එක්දින තරඟාවලිය පැවැත්වෙන අතර එය 22, 24 හා 27 දිනවලදී පැවැත්වෙනවා.

ඉන්පසුව තරඟ 3කින් යුත් විස්සයි විස්ස තරඟාවලිය ජනවාරි 30 හා පෙබරවාරි 01, 03 දිනවලදී පැවැත්වෙනු ඇති.

එංගලන්ත කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන්නේ වසර 7කට වැඩි කාලයකට පසුව වීම විශේෂත්වයක්.

අවසන් වරට ඔවුන් 2018 වසරේ පැවැති එක්දින තරඟාවලිය තරඟ 3 – 1ක් ලෙස ජයග්‍රහණය කළ අතර එකම විස්සයි විස්ස තරඟය ජයග්‍රහණය කළා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *