Loading...

,

ජුලි මස සිට විදුලිබිල පහතට

ජුලි මස 1 වනදා සිට විදුලිබිල අඩු කිරීමට යෝජනා කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.

අද (06) පාර්ලිමේන්තුවේ සභාවාරයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

ඒ මහතා කියා සිටියේ මේ අනුව ගෘහස්ත කාණ්ඩයේ පාරිභෝගිකයන්ට වැඩි සහනයක් ලබාදීමට නියමිත බවත් එම යෝජනාවට මහජන උපයෝගීතා කොමිසමේ අනුමැතිය හිමිවනු ඇති බවත්ය.

මේ අනුව ඒකක 0 – 30 අතර ඒකකයක මිල රුපියල් 8 සිට 6 දක්වා ( රුපියල් 02කින්)
30 – 60 අතර රුපියල් 20 සිට 9 දක්වා ( රුපියල් 11කින්)
ඒකක 60 – 90 රුපියල් 30 සිට 18 දක්වා (රුපියල් 12කින්)
ඒකක 90- 180 රුපියල් 50 සිට 30 දක්වා (රුපියල් 20කින්)

ආගමික ස්ථාන සහ කුඩා කර්මාන්ත සඳහා ද මෙම සහනය ලබාදීමට නියමිත බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ අදාළ යෝජනාව හෙට (07) හෝ සඳුදා දිනයේ දී මහජන උපයෝගීතා කොමිසම වෙත භාර දීමට නියමිත බවයි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *