ජනාධිපතිවරණය, මහ මැතිවරණය සහ පළාත් පාලන මැතිවරණය යන මැතිවරණ සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයන්ගේ ඇප තැන්පතු මුදල් සීමා සංශෝධනය කිරීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ සහ අධිකරණ, බන්ධනාගාර සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ විසින් ඊට අදාළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇති බව සඳහන්.
මේ අනුව ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයෙකුගේ ඇප තැන්පතු රුපියල් මිලියන 2.6ක් දක්වා ද, ස්වාධීන අපේක්ෂකයෙකුගේ ඇප තැන්පතු රුපියල් මිලියන 3.1 දක්වා ද ඉහළ යනු ඇති.
මහ මැතිවරණයක් සඳහා ඉදිරිපත් වන පිළිගත් දේශපාලන පක්ෂයක අපේක්ෂකයෙකු සඳහා වන ඇප තැන්පතුව රුපියල් 11000ක් ලෙසත් ස්වාධීන කණ්ඩායමක අපේක්ෂකයෙකු ඇප තැන්පතු රුපියල් 16000ක් දක්වා ද ඉහළ දමා තිබෙනවා.
ඊට අමතරව පළාත් පාලන මැතිවරණය සඳහා පිළිගත් දේශපාලන පක්ෂයකින් ඉදිරිපත් වන අපේක්ෂකයෙකු සඳහා ඇප තැන්පතුව රුපියල් 6000ක් දක්වා ද ස්වාධින කණ්ඩායමක අපේක්ෂකයෙකු සඳහා රුපියල් 11000ක් ලෙසද ඇප ගාස්තු ඉහළ දමා ඇති බවයි වාර්තා වන්නේ.
තව ද පළාත් පාලන මැතිවරණය සඳහා පිළිගත් දේශපාලන පක්ෂයකින් ඉදිරිපත්වන අපේක්ෂකයෙකු සඳහා ඇප තැන්පතුව රුපියල් 6,000 දක්වාත් ස්වාධීන කණ්ඩායමක අපේක්ෂකයෙකු සඳහා රුපියල් 11,000ක් වන ලෙස ත් ඇප තැන්පතු ගාස්තු ඉහළ යනු ඇත.
Leave a Reply