Loading...

දුමින්දගේ පෙත්සම විභාගයට අවසර

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස විජයදාස රාජපක්ෂ මහතා පත් කිරීම බලශුන්‍ය බවට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා එහි වැඩබලන මහලේකම් දුමින්ද දිසානායක මහතා විසින් ගොනු කරන ලද ඇති නඩුව සම්බන්ධව කරුණු සලකා බැලීමට කොළඹ දිසා අධිකරණය අද (15) අවසර ලබා දුන්නා.

අදාළ නියෝගයේ සඳහන් වන්නේ දුමින්ද දිසානායක මහතා ඉල්ලා සිටින වාරණ නියෝගය සම්බන්ධයෙන් තවදුරටත් කරුණු ඉදිරිපත් කිරීමට ඒ මහතාගේ නීතිඥවරුන්ට අවසර ලබා දෙන බවයි.

මෙම කරුණ සම්බන්ධව කඩුවෙල දිසා අධිකරණය විසින් වාරණ නියෝගයක් දැනටමත් නිකුත් කර ඇති නිසා මෙම නඩුකරය පවත්වාගෙන යාමට නොහැකි බවට විජයදාස රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා ඊයේ (14) විරෝධතා මතුකර තිබුණා.

මෙම අවස්ථාවේදී පෙත්සම්කාර දුමින්ද දිසානායක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ චන්දක ජයසුන්දර මහතා පෙන්වා දුන්නේ කඩුවෙල දිසා අධිකරණයේ නියෝගය මෙම අධිකරණයට බල නොපාන බවයි.

කඩුවෙල දිසා අධිකරණයේ නියෝගයටවලට අගති රහිතව මෙම නඩුවේ පැමිණිලිකරු විසින් ඉල්ලා සිටින වාරණ නියෝග සම්බන්ධයෙන් කරුණු සලකා බැලීමට තීරණය කරන බවද කොළඹ දිසා විනිසුරු සඳහන් කළා.

මේ අනුව අදාළ වාරණ නියෝග සම්බන්ධයෙන් කරුණු දැක්වීම් අද (15) දහවල් 1ට සිදුකිරීමට නියමිතව තිබුණා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *