මරණීය දණ්ඩනය නියම වූ දුමින්ද සිල්වා නැවත වැලිකඩ බන්ධනාගාරයේ සාමාන්‍ය සිර මැදිරියක් වෙත රැගෙන ගොස් තිබෙනවා.
පසුගිය ජනවාරි 10 වනදා ඔහු වැලිකඩ බන්ධනාගාර රෝහලෙන් බන්ධනාගාරයේ සාමාන්‍ය සිර මැදිරියකට මාරු කළ බව වාර්තා වුණා.
එහිදී හදිසියේ ඇති වූ සංකූලතාවක් හේතුවෙන් බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරයෙකුගේ නිර්දේශ අනුව පසුගිය 11 වනදා පෙරවරු 2ට පමණ දුමින්ද සිල්වා කොළඹ ජාතික රෝහලට ප්‍රතිකාර සඳහා යොමුකර තිබූ බව සඳහන්.
කෙසේ වෙතත් ප්‍රතිකාරවලින් පසුව ඔහු නැවත බන්ධනාගාර රෝහල වෙත යොමු කෙරුණා.
මීට පෙර ද දුමින්ද සිල්වා වැලිකඩ බන්ධනාගාරයේ සාමාන්‍ය සිර මැදිරියක් වෙත යොමු කිරීමෙන් පැය කිහිපයකට පසුව අසනීප බව පවසමින් කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කරනු ලැබුවා.
ඔහුගේ රෝගී තත්ත්වය පිළිබදව සොයා බැලීමට වෛද්‍ය මණ්ඩලයක්ද පත්කර ඇතැයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණි.බී. දිසානායක මහතා පසුගියදා පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සදහන් කළා.
Leave a Reply