Loading...

, ,

රටවල් 06 රාජ්‍යතාන්ත්‍රිකයන් අනුරව හමුවෙයි

රටවල් 06ක රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් පිරිසක් සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් පවත්වා තිබෙනවා.

මෙම හමුව පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණ පක්ෂ කාර්යාලයේ දී ඊයේ (06) පවත්වා ඇති බවයි වාර්තා වන්නේ.

අදාළ සාකච්ඡා සඳහා පලස්තීන, බංග්ලාදේශ, තුර්කි, ඉන්දුනීසියාව, මැලේසියානු සහ මාලදිවයින් තානාපතිවරු සහ මහකොමසාරිස්වරුන් පිරිසක් සහභාගී වී තිබෙනවා.

මෙහිදී ජාතික ජන බලවේගයේ ආර්ථික ප්‍රතිපත්ති සහ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් සාකච්ඡාවට ලක්ව ඇති බව සඳහන්.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *