දිල්ෂාන් මදුශංකගේ විශිෂ්ඨ පන්දු යැවීම හේතුවෙන් සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහි ප්‍රථම එක්දින ක්‍රිකට් තරඟයේ දී ලකුණු 7ක තියුණු ජයක් ලැබීමට සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඊයේ (29) සමත් වුණා.
හරාරේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැති පළමු තරඟයේ කාසියේ වාසිය දිනාගත් සිම්බාබ්වේ කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.
ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 298ක් ලබා ගනු ලැබුවා.
එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පැතුම් නිශ්ශංක ලකුණු 76ක් ද ජනිත් ලියනගේ ලකුණු 70ක් රැස් කිරීමට සමත් වුණා.
ශ්‍රී ලංකා ඉනිම පන්දුවාර 36යි 1ක් පන්දුවකදී කඩුලු 5කට ලකුණු 161 ලබාගෙන සිටි අතර පන්දුවාර 50 අවසානයේ කඩුලු 6ක ලකුණු 298 දක්වා ගෙන යාමට කමිඳු මෙන්ඩිස් සහ ජනිත් ලියනගේ සුවිශේෂී දායකත්වයක් ලබා දුන්නා.
ඔවුන් දෙදෙනා 6 වන කඩුල්ල වෙනුවෙන් පන්දු 83කදී ලකුණු 137ක් රැස් කිරීමට සමත් වූණා.
කමිඳු මෙන්ඩිස් ලකුණු 57යි.
සිම්බාබ්වේ කණ්ඩායම වෙනුවෙන් Richard Ngarava කඩුලු 2ක් බිඳ හෙලුවා.
ලකුණු 299ක ඉලක්කයක් හඹා ගිය සිම්බාබ්වේ කණ්ඩායම තරඟයේ අවසන් පන්දුව දක්වා තියුණු සටනක් ලබාදුන්නා.
ඔවුන්ගේ ඉනිමේ පළමු කඩුලු දෙක තරඟයේ පළමු පන්දු වාරයේ දී දවා ගැනීමට අසිත ප්‍රනාන්දු සමත් වුණා.
පසුව කඩා වැටුණු සිම්බාබ්වේ කණ්ඩායමේ ඉනිමට Sean Williams සහ Ben Curran තුන්වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 118ක සබඳතාවක් ගොඩනැගුවා.
ඔවුන් දෙදෙනාගේ දැවී යාම අනතුරුව පිටියට පිවිසි මැදපෙළ ක්‍රීඩකයන් වූ Sikandar Raza සහ Tony Munyonga තරඟයේ අවසන් වන තෙක් කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යාමට දැඩි සටනක් ලබාදුන්නා.
එහිදී පන්දු 115කදී ලකුණු 128ක සබඳතාවක් 6 වන කඩුල්ල වෙනුවෙන් Raza සහ Munyonga ගොඩනැගුවා.
සිම්බාබ්වේ කණ්ඩායම වෙනුවෙන් Sikandar Raza පන්දු 87කදී ලකුණු 92ක් රැස් කිරීමට සමත් වූ අතර Ben Curran පන්දු 90කදී ලකුණු 70ක්ද Sean Williams පන්දු 54කදී ලකුණු 57ක් රැස් කළ අතර Tony Munyonga නොදැවී ලකුණු 43 රැස් කිරීමට සමත් වුණා.
අවසන් පන්දු වාරයේ දී පන්දු 6කදී සිම්බාබ්වේ කණ්ඩායමට තරඟය ජය ගැනීමට ලකුණු 10ක් ලබා ගැනීමට යුතුව තිබුණා.
කෙසේ වෙතත් දිල්ෂාන් මදුශංක අවසන් පන්දු වාරයේ පළමු පන්දු 3දී පිට පිට කඩුලු 3ක් දවා ගැනීමට සමත් වූණා. ඔහු ඉතිහාසගත වුණේ ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින පිටියේදී කඩුලු ත්‍රිත්වයක් බිද හෙලූ 8 වැනි පන්දු යවන්නා ලෙසයි.
ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවීමේ දී දිල්ෂාන් මදුශංක කඩුලු 4ක් සහ අසිත ප්‍රනාන්දු 3ක් දවා ගනු ලැබුවා.
ලකුණු 62කට කඩුලු 4ක් දවා ගත් ඩිල්ෂාන් මදුශංක තරඟයේ වීරයා සම්මානය දිනාගනු ලැබුවා.
මෙම ජයග්‍රහණය සමඟ තරඟ දෙකකින් සමන්විත එක්දින තරඟාවලිය 1-0ක් ලෙස ඉදිරියෙන් පසු වනවා.








Leave a Reply