මෙවර ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කිරීම අද (14) දහවල් 12න් අවසන් වීමට නියමිතව තිබෙනවා.
මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරන්නේ මේ වන විට ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වීමට පුද්ගලයින් 36 දෙනෙක් ඇප මුදල් තැන්පත් කර ඇති බවයි.
පිළිගත් දේශපාලන පක්ෂ 19ක් සහ වෙනත් දේශපාලන පක්ෂයක් ඒ අතර වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
තවද ස්වාධීන අපේක්ෂකයින් ලෙස පුද්ගලයින් 16 දෙනෙකු ද ඉදිරි ජනාධිපතිවරණය සඳහා මේ වන විට ඇප මුදල් තැන්පත් කර තිබෙනවා.
මේ අතර එළැඹෙන ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා භාර ගැනීම හෙට (15) පෙරවරු 9ට ආරම්භ කිරීමට නියමිත අතර එදින පෙරවරු 11 දක්වා නාම යෝජනා භාර ගැනීමට සිදුකිරීමට නියමිත බව සඳහන්.
වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති රුවන් ගුණසේකර මහතා කියා සිටියේ නාමයෝජනා භාරගන්නා දිනයේ දී මැතිවරණ කාර්යාලය ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට ද සැලසුම් කර ඇති බවයි.
Leave a Reply