අමෙරිකාවේ ලැව්ගිනි හේතුවෙන් මියගිය ඇති පිරිස 16ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මෙම පිරිස අතරට ඊටන් ගින්නෙන් 11 දෙනෙකු සහ පැලිසෙඩ් ගින්නෙන් පස් දෙනෙකු ද අයත් බවයි.
තවත් පුද්ගලයින් 13 දෙනෙක් අතුරුදහන් ඇති බව සඳහන්.
එරට මාධ්‍ය වාර්තා කරන්නේ කලාපය පුරා සුළං වර්ධනය වෙමින් ඇති බවත් එය ඉදිරි දිනවල දී වඩාත් ශක්තිමත් විය හැකි බවත්ය.
මෙම සුළං ලබන බදාදා දක්වා පැවැතිය හැකි බැවින් තීරණාත්මක කාලගුණික තත්ත්වයක් ඇති කරනු ඇති බව ලොස් ඇන්ජලීස් ප්‍රාන්ත ගිනි නිවන කාර්යාල පවසනවා.
ලොස් ඇන්ජලීස් හි බලධාරීන් මේ වන විට නගරය වටා ඇති ප්‍රධාන ගිනිදැල් 4ක් කළමනාකරණය කරමින් සිටිනවා.
එහි විශාලතම ගින්න වනුයේ පැලිසේඩ්ස් ගින්නයි.
එය ලොස් ඇන්ජලීස් නුවරට නැගෙනහිර ප්‍රදේශය පුරා පැතිර යමින් පවතින බව සඳහන්.
පලිසේඩ්ස් ගින්නෙන් මේ වන විට 11%ක් පාලනය කර තිබෙනවා.
එම ගින්නෙන් මැඩපැවැත්වීම සඳහා දැනට 14000ක් වන සිටින කාර්ය මණ්ඩලයට එක්වීමට මෙක්සිකෝවේ ගිනි නිවන භටයින් ද ලොස් ඇන්ජලීස් ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.
දෙවන විශාලතම ගින්න ලෙස සැලකෙන පසඩෙනා අවට නගරයේ උතුරේ ඊටන් ගින්න අක්කර 14118ක් ආවරණය වන අතර ඉන් මේ වන විට 15%ක් පාලනය කර ඇති බව සඳහන්.
විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ කෙනෙත් ගින්න අක්කර 1052ක් වන අතර එයින් 90%න් පාලනය කර ඇති බවයි.
හර්ට්ස් ගින්න අක්කර 799ක් ආවරණය වන අතර ඉන් 76%ක් පාලනය කර තිබෙනවා.
හටගත් ලැව් ගිනි මැඩපැවැත්වීම සඳහා ගුවන් යානා 70කට වැඩි ප්‍රමාණයක් ද ගිනි නිවන රථ 1,600කට වැඩි ප්‍රමාණයක් ද යොදා ගෙන ඇති බව වාර්තා වනවා.








Leave a Reply