Loading...

අමෙරිකාවේ ළැව් ගිනි නිසා මියගිය පිරිස තවත් ඉහළට

අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් හි පැතිර යන ළැව් ගිනි හේතුවෙන් අද වන විට පුද්ගලයින් 10 දෙනෙක් මියගොස් ඇති බව වාර්තා වනවා.

විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බවයි.

පවතින තද සුළං හේතුවෙන් ගින්න තවත් වේගයෙන් පැතිර යමින් පවතින බව වාර්තා වනවා.

මේ වන විට ලොස් ඇන්ජලීස් අවට ළැව් ගිනි 5ක් සක්‍රීය තත්ත්වයේ පවතිනවා.

පවතින තත්ත්වය හමුවේ පුද්ගලයින් ලක්ෂ 2ක් ඔවුන්ගේ නිවාසවලින් ඉවත් කර ඇති බව වාර්තා වනවා.

ලොස් ඇන්ජලීස් හි පැලිසේඩ්ස්, ඊටන්, කෙනත්, හර්ස්ට් සහ ලිඩියා ප්‍රදේශවල මෙම ළැව් ගිනි පැතිර යමින් පවතිනවා.

ඉන් යම් ප්‍රමාණයක් පාලනය කර ඇත්තේ පැලිසේඩ්ස් ප්‍රදේශයේ පැතිර යන ගින්න පමණක් බවයි වාර්තා වන්නේ.

එම ප්‍රාන්ත පොලිස් නිලධාරී රොබට් ලූනා පවසන්නේ දැඩි ලෙස පීඩාවට පත් ප්‍රදේශ රැසකට ළඟා වීම ආරක්ෂිත නොවනු ඇති බවයි.

පවතින ළැව් ගිනි හේතුවෙන් සිදුව ඇති මරණ ගණන නියත වශයෙන් තවත් ඉහළ යනු ඇති බවද ඔහු සඳහන් කරනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *