Loading...

ශ්‍රී ලංකාවේ සියලු ඉඩම් කඩිනමින් මිනුම් කර සිතියම් ගත කිරීමට කාරක සභාවේ අවධානය

ශ්‍රී ලංකාවේ පවතින සියලුම ඉඩම් නිවැරදිව මිනුම් කර ඉක්මනින් සිතියම් ගත කිරීම සඳහා කෘෂිකර්ම සහ සම්පත් තිරසාරතාවය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විශේෂ අවධානය යොමු කර ඇති බව වාර්තා වනවා.

2021, 2022 සහ 2023 වසරවල රජයේ සමාගම්, දෙපාර්තමේන්තු, කොමිෂන් සභා සහ මණ්ඩල කිහිපයක වාර්ෂික වාර්තා සහ කාර්ය සාධන වාර්තා සලකා බැලීම සඳහා පසුගිය 17 වන දින, එම කාරක සභාව එහි සභාපති හෙක්ටර් අප්පුහාමි මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්වුණා.

මිනින්දෝරු දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් කාරක සභාවට හෙළි කළේ, දැනට ශ්‍රී ලංකාවේ පුරෝකථනය අනුව ඉඩම් කට්ටි මිලියන 16.5 ක් පවතින අතර ඒ අතරින් මිලියන 2.5 ක් දැනටමත් මිනුම් කර සිතියම් ගත කර ඇති බවයි.

මෙහිදී ඉතිරි ඉඩම් කට්ටි හැකි ඉක්මනින් මිනුම් කර සිතියම් ගත කිරීම අතිශය වැදගත් බවත් ඒ සඳහා අවශ්‍ය සියලුම පාර්ශ්ව ඉදිරි දිනවලදී කාරක සභාවට කැඳවා ගෙන ගත යුතු ක්‍රියාමාර්ග හා වැඩපිළිවෙල් සම්බන්ධයෙන් සම්පුර්ණ සාකච්ඡාවක් පැවැත්වෙන බවත් කාරක සභාවේ සභාපතිවරයා පැවසුවා.

එම රැස්වීමේදී 2022 සහ 2023 වසර සඳහා ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ වාර්ෂික වාර්තාද සලකා බැලුවා.

අමතරව, නීත්‍යානුකූල ගිවිසුම්වලට අනුකූල නොවී ඉඩම් බදු දීමෙන් ඇතිවූ හිඟ බදු ගැටළුවද කාරක සභාවේදී විස්තරාත්මකව සාකච්ඡා කිරීමට ලක්වුණා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *