Loading...

,

බස් රථ සැරසිලි සම්බන්ධව සොයා බලන්න කමිටුවක්

මෝටර් රථ පනතේ විධිවිධාන ප්‍රකාරව නිකුත් කරනු ලබන නියෝගයන්ට අනුගතව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයාගේ පුර්ව අනුමැතිය සහිතව වාහනවල නිර්මාණය (Design) වෙනස් කිරීම සහ වාහන විකරණය (Modification) කිරීම සිදු කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

මේ අනුව 1983 වසරේ දී ප්‍රකාශයට පත් කරන ලද මෝටර් වාහන (තැනීම්) නියෝග වරින්වර සංශෝධනය කරමින් වාහන විකරණය කළ හැකි අයුරු සම්බන්ධ රෙගුලාසි ගැසට් නිවේදනය මඟින් ප්‍රකාශයට පත් කෙරුණා.

කෙසේ වෙතත් පසුගිය සමයේ එවැනි නියෝග මඟින් ප්‍රකාශිත වාහන උපාංග සවි කිරීම් සහ නිර්මාණය වෙනස් කිරීම්වලට අමතරව, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් අභ්‍යන්තර ක්‍රමවේද ඔස්සේ බස් රථ සැරසිලි සහ උපාංග විකරණය සඳහා මාර්ගෝපදේශ සංග්‍රහයක් සකස් කර අභ්‍යන්තර චක්‍රලේඛයක් ද නිකුත් කර තිබෙනවා.

නමුත් ඊට අදාළව මෝටර් රථ පනතේ විධිවිධාන පරිදි අදාළ නියෝග ප්‍රකාශයට පත් කිරීමට සිදුකර තිබුණේ නැහැ.

මෙම සියලු තත්ත්වයන්ට සැලකිල්ලට ගෙන බස් රථ සැරසිලි හා උපාංග හේතුවෙන් බස් රථවල ගමන් ගන්නා මඟීන්ගේ ආරක්ෂාවට ඇති විය හැකි බලපෑම සම්බන්ධ අධ්‍යයනය කර ඒ සම්බන්ධව විධිමත් පරිදි ක්‍රියාකිරීම සඳහා නිර්දේශ සහිත වාර්තාවක් ඉදිරිපත් කිරීම පිණිස ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය ඇතුළු අනෙකුත් අදාළ සියලු ආයතන නියෝජනය වන පරිදි නිලධාරි කමිටුවක් පත් කිරීම සඳහා ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව ලබා දීමට තීරණය කර ඇති බව වාර්තා වනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *