රුහුණු මහා කතරගම දේවාලයට බැතිමතුන්ගෙන් ලද පුද පඬුරු මඟින් මහරගම අපේක්ෂා රෝහලේ ඉදිකළ නව ළමා වාට්ටු සංකීර්ණය විවෘත කිරීම ඊයේ (03) සිදු කෙරුණා.
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ හුස්ම ව්‍යාපෘතිය යටතේ රණවිරුවන්ගේ ශ්‍රම දායකත්වයෙන් මාස 10ක කාලයක් තුළ මෙහි ඉදිකිරීම් නිමකර තිබෙනවා.
මෙම ව්‍යාපෘතියේ වාට්ටු සංකීර්ණය සඳහා වියදම් වී ඇති මුදල දළ වශයෙන් රුපියල් මිලියන 160ක් වන අතර තවත් රුපියල් මිලියන 50ක මුදල් උපකරණ සඳහා වියදම් වී ඇති බව සඳහන්.
පිළිකා රෝගයෙන් පීඩා විදින මෙරට ළමා රෝගීන් සඳහා ප්‍රතිලාභ ලැබිය හැකි ලෙස මහල් 4කින් සමන්විත අංග සම්පුර්ණ මෙම වාට්ටු සංකීර්ණයේ නේවාසිකව රෝගී දරුවන් 70කට ප්‍රතිකාර ගැනීමේ හැකියාව ලැබී තිබෙනවා.








Leave a Reply