ලබන සැප්තැම්බර් 22 සහ 23 යන දිනවල පාර්ලිමේන්තු කටයුතුවල වෙනස්කම් කිහිපයක් සිදුකිරීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව සැප්තැම්බර් 22 වනදා පැවැත්වීමට නියමිතව තිබූ අපනයන කෘෂිකර්මාන්තය ප්‍රවර්ධන සංශෝධන පනත් කෙටුම්පතේ දෙවැනි වර කියවීමේ විවාදය සැප්තැම්බර් 23 වනදා පැවැත්වීමටයි තීරණය කර ඇත්තේ.
එමෙන්ම සැප්තැම්බර් 23 වනදා ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා වරලත් මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතනය පනත් කෙටුම්පත එදින ඉදිරිපත් නොකිරීමට ද පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර තිබෙනවා.
මේ අතර විදුලි බිල්පත් සම්බන්ධයෙන් මහජනතාවට සහන ලබාදීම සඳහා රුපියල් මිලියන 17,213ක මූල්‍ය සහනාධාරයක් ලබාදීමට අදාළ පරිපූරක ඇස්තමේන්තුව සැප්තැම්බර් 23 වනදා අනුමත කරගැනීමට නියමිතයි.
අදාළ පරිපූරක ඇස්තමේන්තුව සැප්තැම්බර් 22 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර, ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන 2026 වසරේ රේඛීය අමාත්‍යාංශ වෙත වෙන්කර ඇති, වසර අවසන් වනවිට උපයෝජනය නොවන බවට හඳුනාගෙන ඇති ප්‍රතිපාදන මගින් සපයා ගැනීමට නියමිත බවයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරන්නේ.
කෙසේ වෙතත් සැප්තැම්බර් 24 සහ 25 යන දිනවලට අදාළ පාර්ලිමේන්තු කටයුතුවල කිසිදු වෙනසක් සිදුනොවන බව පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරිය ප්‍රකාශ කළා.
ඒ අනුව 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත පෙර තීරණය කළ පරිදිම සැප්තැම්බර් 24 සහ 25 යන දෙදින පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතයි.
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීරණය මේ වන විටත් කථානායක ජගත් වික්‍රමරත්න මහතා වෙත ලැබී ඇති බවයි කථානායක කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළේ








Leave a Reply