රුපියල් කෝටි ගණනක මහා පරිමාණ පිරමීඩ ජාවාරමක් කළ බවට චෝදනා එල්ල වී තිබෙන OnmaxDT පෞද්ගලික සමාගමේ සභාපති සෑම් බස්නායක ඇතුළු තිදෙනෙක් ජාත්‍යන්තර පොලීසිය හරහා අත්අඩංගුවට ගැනීමට රතු නිවේදන නිකුත් කර තිබෙනවා.
අධිකරණය මේ සම්බන්ධයෙන් විවෘත වරෙන්තුවක් ඊයේ (11) නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.
අදාළ පිරමීඩ ජාවාරමේ මහ මොළකරු බවට පැවසෙන ජෝර්ජියානු ජාතික කකබර් අස්ලානික් විලීස් නැමැති අය සහ පිරමීඩ නඩුවේ 06 වන සැකකරු ලෙස නම් කර අධිකරණයට ඉදිරිපත් කර ඇප ලැබීමෙන් අනතුරුව මෙරටින් පලා ගොස් තිබෙන OnmaxDT පෞද්ගලික සමාගමේ වෙබ් අඩවිය නිර්මාණය කරන ලද “වී ටෙක්” මෘදුකාංග ආයතනයේ හිමකරු වන මෘදුකාංග ඉංජිනේරු ගායන් චාමර වික්‍රමතිලක යන දෙදෙනාද ජාත්‍යන්තර පොලීසිය හරහා අත්අඩංගුවට ගැනීම සඳහා රතු නිවේදන නිකුත් කිරීමට අධිකරණය විවෘත වරෙන්තු නිකුත් කර ඇති බව සඳහන්.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් කරන ලද ඉල්ලීමක් මත කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා මෙම නියෝග කර ඇති බවයි වාර්තා වන්නේ.
මෙම විවෘත වරෙන්තු ඉංග්‍රීසි භාෂාවෙන් නිකුත් කරන ලෙසද ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියම කර තිබෙනවා.
පොලීසිය අධිකරණය හමුවේ ප්‍රකාශ කර ඇත්තේ මහා පරිමාණ පිරමීඩ ජාවාරම 2022 වසරේ සිට කර ඇති බවයි.
OnmaxDT පෞද්ගලික සමාගම ශ්‍රී ලංකා බැංකුවෙන් තහනම් කළ මුල්‍ය ආයතනයක් ලෙස නම් කර පුවත්පත්වල දැන්වීම් පළ කිරීමෙන් පසුවද දිගින් දිගටම ජාවාරම කර ඇති බවද නඩු විභාගයේ දී පොලීසිය වැඩිදුරටත් කියා සිටියා.
Leave a Reply