Loading...

,

පෙට්‍රල්, බොරතෙල් සහ ඩීසල් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහා පෙට්‍රල් 92 Unl, මර්බන් වර්ගයේ බොරතෙල් සහ ඩීසල් (0.05% M.S.) දීර්ඝ කාලීන කොන්ත්‍රාත්තු යටතේ මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව සංස්ථාවේ ලියාපදිංචි සැපයුම්කරුවන් වෙතින් සීමිත ජාත්‍යන්තර තරඟකාරී ප්‍රසම්පාදන ක්‍රමවේදය යටතේ අදාළ ලංසු කැඳවා ඇති බව සඳහන්.

ඉදිරිපත් වූ ලංසු ඇගයීමෙන් අනතුරුව ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් නිර්දේශ ඉදිරිපත් කර තිබෙනවා.

එම නිර්දේශ මත සාරානුකූල ප්‍රතිචාරාත්මක අවම ලංසුකරුවන් වෙත අදාළ ප්‍රසම්පාදන පිරිනැමීම සඳහා බලශක්ති අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවටයි මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත්තේ.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *