ඉරාන අධ්‍යාත්මික නායක අයතුල්ලා අලි කමේනි ඝාතනය කර ඇති බව ඉරාන මාධ්‍ය ප්‍රථම වරට අනාවරණය කර තිබෙනවා.
ඉරාන මාධ්‍ය වාර්තා කරන්නේ තවද මෙම ප්‍රහාරයෙන් ඉරාන උත්තරීතර නායකයාගේ දියණිය, බෑනා, මුණුපුරාද ජීවිතක්ෂයට පත්වූ බවයි.
මීට පෙර ඊශ්‍රායල අගමැතිවරයා සහ අමෙරිකානු ජනාධිපතිවරයා අලි කමේනි ඝාතනය වූ බවට අදහස් දැක්වුවත් එය ඉරානය විසින් ප්‍රතික්ෂේප කර තිබුණා.
ඊයේ (28) දිනයේ දී කමේනි සිය රාජකාරී සිදු කරමින් සිටින අතරවාරයේ දී ඔහුගේම කාර්යාලයේ දී ඝාතනයට ලක් වූ බව ඉරාන ෆාර්ස් ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කරනවා.
මේ අතර කමේනිගේ ඝාතනය සමඟ එරට දින 40ක මහජන ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ඉරාන මාධ්‍ය මීට සුළු මොහොතකට පෙර මෙම තොරතුරු වාර්තා කළා.
මීට පෙර ඊශ්‍රායල අගමැතිවරයා සහ අමෙරිකානු ජනාධිපතිවරයා අලි කමේනි ඝාතනය වූ බවට අදහස් දැක්වුවත් එය ඉරානය විසින් ප්‍රතික්ෂේප කර තිබුණා.

Leave a Reply