අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් තම වසර 4ක ධුර කාලයෙන් දින 532ක් සාමාන්‍ය නිවාඩු ලෙස ලබාගෙන ඇති බව හෙළිව තිබෙනවා.
එම කාලය ඔහුගේ ධුර කාලයෙන් 40%ක් බවද සඳහන්.
රිපබ්ලිකන් ජාතික කමිටුව කළ විශ්ලේෂණයකින් මේ බව අනාවරණය වී තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ජනාධිපතිවරයා ලබාගත් නිවාඩු ගණන අමෙරිකාවේ සාමාන්‍ය කාර්යාල සේවකයෙකු වසර 48කදී ලබාගත් සාමාන්‍ය නිවාඩු දින ගණනට සමාන බවයි.
අමෙරිකාවේ කාර්යාල සේවකයෙකු වසරක් තුළදී හිමි වනු ලැබෙන්නේ සාමාන්‍ය නිවාඩු දින 11ක් පමණි.
කෙසේ වෙතත් 81 හැවිරිදි වියේ පසුවන ජෝ බයිඩ්න්හට ජනාධිපතිවරණයට නැවත තරඟ නොකරන ලෙසට ඔහුගේ පක්ෂයේ ඉහළ සාමාජිකයින් ප්‍රකාශ කිරීම සමඟ එම පිරිස මගහැරීම සඳහා පසුගිය ජුලි මසදී වැඩි නිවාඩු ප්‍රමාණයක් ලබාගෙන ඇති බවයි හෙළි වන්නේ.








Leave a Reply