ඕස්ට්‍රේලියානු යුනිටයිඩ් පෙට්‍රෝලියම් සමාගම මෙරට මෙහෙයුම් කටයුතු නවතා දමා ඇති බව වාර්තා වනවා.
මේ අනුව පසුගිය ජනවාරි මස සිටම අදාළ සමාගමේ කටයුතු සිදුකර නොමැති බව සඳහන්.
විදෙස් සමාගම් සඳහා මෙරට ඉන්ධන අලෙවි කටයුතු සිදු කිරීමට රනිල් වික්‍රමසිංහ මහතාගේ රජය පියවර ගෙන තිබුණා.
මේ අනුව චීනයේ සයිනොපෙක් සමාගම, අමෙරිකාවේ ආර්. එම්. පාක්ස් සහ ඕස්ට්‍රේලියානු යුනයිටඩ් පෙට්‍රෝලියම් සමාගම මෙරට තුළ මෙහෙයුම් කටයුතු ආරම්භ කරනු ලැබුවා.
එක් සමාගමකට ඉන්ධන පිරවුම්හල් 150 බැගින් මෙරට තුළ ඉන්ධන පිරවුම්හල් 450ක මෙහෙයුම් කටයුතු ලබාදීම සිදු කළා.
වර්ථමානය වන විට සයිනොපෙක් සමාගම සහ ආර්. එම් පාක්ස් සමාගම ගැටළුවකින් තොරව මෙරට තුළ ඉන්ධන අලෙවි කටයුතු සිදු කළද ඕස්ට්‍රේලියානු සමාගම සිය මෙහෙයුම් කටයුතු නවතා දමා ඇති බව සඳහන්.
එම ගිවිසුමේ පවතින ගැටලුකාරී තත්ත්වයක් හේතුවෙන් ඔවුන් මෙලෙස සිය මෙහෙයුම් කටයුතු නතර කර ඇති බව වාර්තා වනවා.
අදාළ ගිවිසුමට අනුව වසර 20කට ආසන්න කාලයක් යුනයිටඩ් පෙට්‍රෝලියම් සමාගමට මෙරට තුළ ඉන්ධන අලෙවි කටයුතු සිදුකළ හැකි වුවද වසරක් ගත වීමට පෙර ඔවුන් මෙරට මෙහෙයුම් කටයුතු නතර කිරීමද විශේෂත්වයෙකි.
මේ අතර අදාළ සමාගම විසින් මෙහෙයුම් කටයුතු නතර කිරීම සම්බන්ධව ලිපියක් මඟින් දැනුවත් කර ඇති බව වාර්තා වනවා.
මේ සම්බන්ධව එම සේවකයින් කියා සිටින්නේ ඊට අදාළව නීතිමය ක්‍රියා මාර්ග ගන්නා බවයි.
Leave a Reply