ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රංවල මහතා 10 වන පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙස තේරී පත් වුණා.
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය විසින් අශෝක රංවල මහතාගේ නම යෝජනා කළ අතර, අමාත්‍ය විජිත හේරත් මහතා එය ස්ථීර කරනු ලැබුවා.
මේ අනුව ඒකමතික අශෝක රංවල මහතා කථානායකවරයා ලෙස නම් කෙරුණා.
මේ අතර නියෝජ්‍ය කථානායක ධුරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් රිස්වි සාලි මහතා පත් කෙරුණා.
ඒ මහතාගේ නම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් යෝජනා කළ අතර එය කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය විසින් ස්ථිර කරනු ලැබුවා.
මේ අතර නියෝජ්‍ය කාරක සභා සභාපති ධුරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී හේමාලි වීරසේකර මහත්මිය පත් වුණා.
එය අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා විසින් යෝජනා කරනු ලැබුවා.
මේ අතර ආණ්ඩු පක්ෂයේ සභානායක තනතුර අමාත්‍ය බිමල් රත්නායක මහතා සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධානයක ධුරයට වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පත් කර තිබෙනවා.
විරුද්ධපක්ෂ නායකවරයා ලෙස සජිත් ප්‍රේමදාස මහතාව කථානායකවරයා විසින් පිළිගෙන ඇති බවද වාර්තා වනවා.
10 වන පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය චාම් උත්සවයකින් අනතුරුව අද (21) උදෑසන 10ට ආරම්භ වුණා.
ඉන්පසුව කථානායකවරයා තෝරා පත් කර ගැනීමෙන් පසුව කථානායක නිල ප්‍රතිඥාව හෝ දිවුරුම් ලබාදීම මන්ත්‍රීවරුන් විසින් නිල ප්‍රතිඥාව හෝ දිවුරුම ලබාදීම නියෝජ්‍ය කථානායක හා නියෝජ්‍ය කාරක සභා සභාපති පත් කර ගැනීම සිදු කරනු ඇති.
10 වන පාර්ලිමේන්තුවේ ආරම්භක දිනය හේතුවෙන් මන්ත්‍රීවරුන් සඳහා අසුන් පැනවීමේ පිළිවෙලක් නොමැති වීම හේතුවෙන් තමන්ට රිසි අසුනක අසුන් ගැනීමේ අවස්ථාව මන්ත්‍රීවරුන්ට හිමි වනවා.
මෙම මුලික කටයුතු අවසානයේ පාර්ලිමේන්තු තාවකාලිකව අත්හිටුවීම සිදුකරනු ඇති.
ඉන්පසු පෙරවරු 11.30ට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සභාවේ මුලසුනේ සිට ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.
Leave a Reply