Loading...

යුක්තියට අද සිට හමුදාවේ සහය

අපරාධ සහ මත්ද්‍රව්‍ය පාලනය කිරීමේ මෙහෙයුම් සඳහා අද (11) සිට හමුදාවේ සහාය ලබා ගැනීමට පොලීසිය තීරණය කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දුව මහතා කියා සිටියේ සියළු පොලිස් ස්ථාන වෙත ඊට අදාළ උපදෙස් ලබාදී ඇති බවයි.

“අද දිනයේ සිට මෙහෙයුම් ක්‍රියාත්මක විය යුතු වෙනවා.

පොලිස් නිලධාරීන්ගේ යම් අඩුපාඩුවක් සිදුවුණොත් ඒ වැටලීම් සඳහා ප්‍රමාණවත් නිලධාරීන් නොමැති වුණොත් විශේෂයෙන් මාර්ග බාධක වැනි දේ ක්‍රියාත්මක කරන්න සිදුවුණොත් ඒ වගේම දරුණු ගණයේ අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය වුණොත් යුද හමුදාව ඒ පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට, නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට අදාළ සම්බන්ධීකරණය සිදුකරලා, ඔවුන්ව කැඳවා ගැනීමට අවශ්‍ය කරන පහසු ක්‍රමවේදයක් සකස් කිරීම දැනට සිදුකරලා තියෙනවා.

ඒ අනුව අවශ්‍ය වුණොත් යුද හමුදා සහාය ලබාගන්න කියලා පොලිස්පතිතුමා විසින් අවශ්‍ය උපදෙස් ලබාදුන්නා.”


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *