දියතලාව ෆොක්ස් හිල් මෝටර් රථ ධාවන තරඟය අතරතුර සිදුවූ අනතුර පිළිබඳව පරීක්ෂණ පැවැත්වීම සඳහා සත්පුද්ගල කමිටුවක් ශ්‍රී ලංකා යුද හමුදාව විසින් පත්කර තිබෙනවා.
යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජනරාල් රසික කුමාර මහතා කියා සිටියේ මේජර් ජෙනරාල්වරයෙකුගේ ප්‍රධානත්වයෙන් යුතුව මෙම කමිටුව පත් කරන බවයි.
අනතුර සම්බන්ධව දැනට පවතින වීඩියෝ පට සහ ඡායාරූප උපයෝගී කර ගනිමින් මෙම පරීක්ෂණ කටයුතු සිදු කෙරෙන බවයි වාර්තා වන්නේ.
අනතුරට හේතු වූ කරුණු මොනවද? වගකිව යුතු පුද්ගලයින් කවුරුන්ද? තරඟාවලිය නැරඹීමට පැමිණි ප්‍රේක්ෂකයන්ගේ ආරක්ෂාව තහවුරු කර තිබුණේ ද? ධාවන පථයේ ප්‍රමිතිය වගකිව යුතු පාර්ශවය, ආයතනය නිසි ලෙස කටයුතු කර තිබුණේ ද? එවැනි අනතුරු ඉදිරියේ දී සිදුවීම වළක්වා ගැනීමට ගත යුතු ක්‍රියාමාර්ග මොනවාද? යන කරුණු පිළිබඳව මෙම විමර්ශන කමිටුව අවධානය යොමු කිරීමට නියමිතයි.
පසුගිය 21 වනදා දියතලාව ෆොක්ස්හිල් මෝටර් රථ ධාවන තරඟාවලිය අතරතුර සිදුවූ අනතුරෙන් පුද්ගලයින් 07 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූ අතර අනතුරින් 21 දෙනෙක් තුවාල ලැබුවා.
කෙසේ නමුත් මෙම අනතුර සම්බන්ධව ධාවන තරඟයට සහභාගී වූ රියදුරන් දෙදෙනෙක් ඊයේ (22) දිනයේ අත්අඩංගුවට ගනු ලැබූ අතර අප්‍රේල් 30 වනදා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා.
තොරතුරු මුලාශ්‍ර – ලංකාදීප
Leave a Reply