අස්වැසුම සුබසාධන ප්‍රතිලාභ වැඩසටහනේ දෙවන අදියර සඳහා අයදුම්පත් කැඳවීම ලබන 15 වනදායින් අවසන් වීමට නියමිතව තිබෙනවා.
මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කළේ මේ දක්වා අයදුම්පත් ඉදිරිපත් කර නොමැති පුද්ගලයන්ට මාර්ග ගත ක්‍රමය ඔස්සේ https://iwms.wbb.gov.lk/application මඟින් හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාල මඟින් අයදුම්පත් යොමු කිරීමේ හැකියාව ඇති බවයි.
මේ අනුව දෙවන අදියර යටතේ තෝරාගන්නා ප්‍රතිලාභීන් වෙත ජූලි මස සිට අදාළ ගෙවීම් සිදු කිරීමට නියමිතයි.
දැනට අස්වැසුම ප්‍රතිලාභ හිමි කරගන්නා මිලියන 2කට ආසන්න පුද්ගලයින් ගණන දෙවන අදියරේ දී මිලියන 2.4 දක්වා ඉහළ නැංවීමට රජය අපේක්ෂාවෙන් සිටිනවා.
ඒ සඳහා 2024 අයවැයෙන් මඟින් රුපියල් බිලියන 205ක මුදලක් වෙන්කර තිබෙනවා.

Leave a Reply