ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අද (20) සවස කැනඩාව බලා පිටත්ව යාමට නියමිතව තිබෙනවා.
ඒ කැනඩාවේ ජීවත් වන ශ්‍රී ලාංකිකයන් අමතන ජනහමු කිහිපයකට සහභාගී වී සඳහායි.
ජාතික ජන බලවේගයේ කැනඩා කමිටුව විසින් සංවිධානය කරනු ලබන ප්‍රධාන ජනහමු දෙකෙන් පළමු හමුව 23 වන සෙනසුරාදා පස්වරු 3ට කැනඩාවේ ටොරොන්ටෝ අගනුවරදීද, දෙවන ජනහමුව 24 ඉරිදා පස්වරු 2.30ට වැන්කුවර් නගරයේ දී පැවැත්වීමට සැලසුම් කර ඇති බව සඳහන්.
මෙම ප්‍රධාන ජනහමුවලට අමතරව කැනඩාවේ වෙසෙන ශ්‍රී ලාංකික දෙමළ හා මුස්ලිම් ප්‍රජාව මුණගැසෙන සුහද හමු කිහිපයකට ද සහභාගී වීමට ජාතික ජන බලවේගයේ නායකයා කටයුතු කිරීමට නියමිතයි.








Leave a Reply