තීරු බදු ගැටලුව සම්බන්ධව අමෙරිකානු නියෝජිත පාර්ශවය සමඟ ශ්‍රී ලංකා රජයේ නියෝජිතයින් පසුගිය 8 වනදා රාත්‍රියේ පැවැත්වූ සාකච්ඡාවලදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් ලබා ගැනීම සඳහා කළ ඉල්ලීමට යහපත් ප්‍රතිචාරයක් ලැබුණු බව අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ පවසනවා.
මව්බිම පුවත්කල විමසීමකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කර තිබෙනවා.
එහිදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ ඉක්මන් හමුවක් අවශ්‍ය බව ශ්‍රී ලංකා ජනාධිපතිවරයා අමෙරිකානු පාර්ශවයෙන් ඉල්ලු බවයි.
මේ අනුව එම හමුවට අමෙරිකානු බලධාරීන් යහපත් ප්‍රතිචාරයක් ලබාදුන් බවත් එම හමුව ඉදිරියේ දී ලැබෙනු ඇති බවත් ඒ මහතා පවසනවා.
අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මෙහිදී පෙන්වා දුන්නේ ඊට අමතරව අමෙරිකාවෙන් තව තවත් ආනයන කිරීමට හැකි අවස්ථාව මොනවා ද යන්න ගැනත් අමෙරිකානු නියෝජිතයින් සමඟ සාකච්ඡා කළ බවයි.
කෙසේ වෙතත් අමෙරිකාව සමඟ සාකච්ඡාව පසුගිය මාර්තු 10 සිට මෙම තීරු බදු පැනවීම සම්බන්ධව සාකච්ඡාවන් සිදුකර තිබූ අතර එම බදු පැනවීමෙන් අනතුරුව අදාළ බදු ගැන සාකච්ඡා කිරීමට හැකිබව අමෙරිකාව මෙරටට දැනුම් දී ඇති බව සඳහන්.
ශ්‍රී ලංකාව අමෙරිකාවට ඩොලර් බිලියන 3.159ක වටිනාකමක භාණ්ඩ අපනයන කරන අතර අමෙරිකානු ජනාධිපතිවරයා පැනවූ 44%ක අන්‍යොන්‍ය තීරුබදු හේතුවෙන් ඇඟලුම් ඇතුළු එම අපනයන වෙළෙඳපොළෙන් කොටසක් අහිමිවීමේ අවදානමකට ලක්ව තිබෙනවා.
Leave a Reply