Loading...

මැතිවරණයට අදාළව තවත් පෙත්සමක් අධිකරණයට

රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින සිරකරුවන්ට ඉදිරි ජනාධිපතිවරණය සහ මහ මැතිවරණවලදී ඡන්දය ප්‍රකාශ කිරීමට අවශ්‍ය කරන පහසුකම් සලසා දීමට අවශ්‍ය මාර්ගෝපදේශ නිකුත් කරන ලෙස මැතිවරණ කොමිසම වෙත නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.

මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත්තේ සිරකරුවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් කටයුතු කරන සුදේශ් නන්දිමාල් ද සිල්වා මහතා විසිනි.

එහි මැතිවරණ කොමිසම සහ එහි සාමාජිකයින් ඇතුළු පිරිසක් වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබෙනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *