Loading...

කුසල් සහ පැතුම්ගෙන් බංගලි ක්‍රිකට් ක්‍රීඩකයන්ට අමතක නොවන ක්‍රිකට් ප්‍රහාරයක්

කුසල් මෙන්ඩිස් හා පැතුම් නිස්සංකගේ ප්‍රවේගකාරී ඉනිම හේතුවෙන් සංචාරක බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව පළමු විස්සයි විස්ස ක්‍රිකට් තරඟයෙන් කඩුලු 7ක පහසු ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ඊයේ (10) රාත්‍රියේ සමත් වුණා.

පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ දී පැවැති තරඟයේ බංග්ලාදේශ කණ්ඩායමෙන් හිමිවූ ලකුණු 155ක ඉලක්කය තරඟයේ 19 වන පන්දුවාරයේ දී පසුකර යාමට ශ්‍රී ලංකාවට හැකිවිය.

ශ්‍රී ලංකා කණ්ඩායමට ප්‍රහාරාත්මක වේගයක් ආරම්භයක් රැගෙන ආ කුසල් සහ පැතුම් පළමු කඩුල්ලට ලකුණු 78ක සබඳතාවක් ගොඩ නැගුවා.

ඒ වෙනුවෙන් ඔවුන් දෙදෙනා වැය කළේ පන්දු 28ක් පමණක් වීම විශේෂත්වයක්.

කෙසේ වෙතත් පන්දු 42ක් රැස්කරගෙන සිටි පැතුම් දැවී යාමත් සමඟ එම ප්‍රවේගකාරී සබඳතාව බිඳ වැටුණා.

ඔහු දැවී යන විට පන්දු 16කදී මුහුණ දී සිටි පැතුම්ගේ ඉනිමේ හයේ පහර 3ක් සහ හතරේ පහර 5ක් ඇතුළත් වුණා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණයේ නියමුවා වූ කුසල් මෙන්ඩිස් සිය අන්තර්ජාතික විස්සයි විස්ස ක්‍රිකට් දිවියේ 16වන අර්ධ ශතකය රැස්කරමින් 73ක් රැස් කිරීමට සමත් වුණා.

පන්දු 51කට මුහුණ දෙමින් කුසල් මෙන්ඩිස් ගොඩනැගු ඉනිමෙහි හයේ පහර 3ක් සහ හතරේ පහර 5ක් ඇතුළත් වුණා.

ඔහු Mohammad Saifuddinගේ පන්දුවක් හමුවේ දැවී ගිය අතර එම අවස්ථාවේදී තරඟය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකාවට අවශ්‍යව තිබුණේ ලකුණු 7ක් පමණි.

ඉන් අනතුරුව පිටියට පිවිසි නායක චරිත් අසලංක 18 පන්දුවාරයේ අවසන් පන්දුවට දැවැන්ත හයේ පහරක් එල්ල කරමින් ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණය තහවුරු කිරීමට සමත් වුණා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *