විදුලිබල ප්‍රතිසංස්කරණ පනත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරපත් කර ඇති සියළු සංශෝධන පිළිගන්නා බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.
අද (04) පාර්ලිමේන්තුවේ සභා වාරයේ දී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.
වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ අදාළ පනත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේදී පැවැති විභාගයේ දී සංශෝධන රැසකට එකඟතාව පළකර බවත් මේ අනුව ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරිපත් කළ සංශෝධන කාරක සභා අවස්ථාවේ අනුමැතියට ඉදිරිපත් කරන බවත්ය.
මේ අතර විදුලි පනත් කෙටුම්පතේ වගන්ති කිහිපයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී ඇති බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී අද (04) පැවසුවා.
රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබ ඇති විදුලි පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගයේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කතානායකවරයා පාර්ලිමේන්තුවට අද (04) ඉදිරිපත් කරමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා.
කථානායකවරයා මෙහිදී කියා සිටියේ එම වගන්ති පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් සහ එක් වගන්තියක් ජනමත විචාරයකින් ද අනුමත කළ යුතු බවයි.
අදාළ වගන්ති සංශෝධනය කළහොත් පාර්ලිමේන්තුවේ සරල බහුතරයකින් සම්මත කළ හැකි බවද දැනුම් දී ඇති බවද ඔහු සඳහන් කළා.
Leave a Reply