Loading...

වැඩිහිටි දීමනාව ජුනි මස දෙවන සතියේ සිට නැවතත්

අස්වැසුම සුබසාධක යෝජනා ක්‍රමය ක්‍රියාත්මක වීම සමඟ මේ දක්වා ලබාදුන් වැඩහිටි දීමනා නතර වී නොමැති බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසනවා.

එම මණ්ඩලය සඳහන් කරන්නේ 2024 මැයි මස මෙම දීමනාව ගෙවීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ලෙස රුපියල් මිලියන 1518කට වැඩි මුදලක් දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වෙත නිකුත් කර ඇති බවයි.

තාක්ෂණික ගැටළු හේතුවෙන් මෙම ගෙවීම් ප්‍රමාද වී ඇති බවත් ජුනි මස දෙවන සතියෙන් පසු අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙතින් සාමාන්‍ය ක්‍රමවේදය යටතේ වැඩිහිටි දීමනාව ලබාගත හැකි බවත් ඔවුන් පෙන්වා දෙනවා.

ප්‍රතිලාභ මණ්ඩලය පවසන්නේ ජුනි මසට අදාළ දීමනාව ද එම මාසයේම ගෙවන බවද අස්වැසුම ගෙවීම් පද්ධතිය යටතේ අදාළ බැංකු ගිණුමට ඉදිරියේ දී වැඩිහිටි දීමනාව බැර කිරීමට කටයුතු කරන බවයි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *