Loading...

ජනාධිපතිවරණයට නාම යෝජනා භාර ගැනීම අද

2024 ජනාධිපතිවරණයට අදාළව නාම යෝජනා භාර ගැනීමේ කටයුතු අද (15) සිදු කිරීමට නියමිතව තිබෙනවා.

මැතිවරණ කොමිෂන් සභාව කියා සිටියේ අද (15) උදෑසන 9 සිට උදෑසන 11 දක්වා රාජගිරියේ පිහිටි මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේ ශ්‍රවණාගාරයේ දී නාම යෝජනා භාර ගැනීම සිදු කරන බවයි.

මෙහිදී විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා උදෑසන 9 සිට උදෑසන 11.30 දක්වා අවස්ථාව ලබාදී තිබෙනවා.

ජනාධිපතිවරණයට අදාළව ඇප මුදල් භාර ගැනීමේ කාලය ඊයේ (14) දහවල් 12න් අවසන් වූ අතර මේ අනුව අපේක්ෂකයින් 40 දෙනෙක් ඇප මුදල් තැන්පත් කර ඇති බවද මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළා.

නාම යෝජනා භාර ගැනීමේ කටයුතුවලින් අනතුරුව ඉදිරිපත් වූ විරෝධතා සලකා බලා ජනාධිපතිවරණයට තෝරා ගනු ලැබූ අපේක්ෂකයින් සම්බන්ධව මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා.

මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කළේ මෙහිදී ස්වාධීනව ඉදිරිපත් වී සිටින අපේක්ෂකයින් සඳහා ඡන්ද සලකුණු නිකුත් කිරීම ද සිදු කිරීමට නියමිත බවයි.

මේ අතර නාම යෝජනා පත්‍ර භාර ගැනීම වෙනුවෙන් මැතිවරණ මහලේකම් කාර්යාල පරිශ්‍රය සහ අවට ප්‍රදේශවල විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට පොලීසිය පියවර ගෙන තිබෙනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *