ඇතැම් විද්‍යුත් මාධ්‍ය යොදා ගනිමින් ක්‍රිකට් ක්‍රීඩාවට විනාශ කාරී ලෙස පහර ගසන සමාජ මාධ්‍ය කල්ලිවලට එරෙහිව නෛතික පියවර ගැනීම ආරම්භ කර ඇති බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසනවා.
අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ශ්‍රී ලංකාවේ ප්‍රථම ගොල්ෆ් ඇකඩමිය විවෘත කිරීමේ ඊයේ (26) පැවති උත්සවයට එක්වෙමින්.
එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා,
“සමාජ මාධ්‍ය කිහිපයක් ආයෙත් සූදානම් වෙලා ක්‍රිකට්වලට මඩ ගහන්න. ගොඩක් අය අද නොදන්න දේ මේ දඹුල්ල සිද්ධිය නිසා මටත් සනත් ජයසූරියටත් චෝදනා කරනවා. ක්‍රීඩා වැරදි වැළැක්වීමේ ඒකකය 2019 දී පිහිටුවූයේ මමයි. ලෝකේ නැති නීතියක් ලංකාවේ තිබීමම අපිට ශක්තියක්. අලුතෙන් ගෙනාපු Online පනත හරහා මඩ ගහන සියලුදෙනාට නඩු පවරනවා. සියලුදෙනාගේ සමාජ මාධ්‍ය තහනමකට ලක්වෙනවා. එකම චෝදනා කරන කට්ටියක් එකම නාලිකාවක් අල්ලගෙන අපිට මඩ ගහනවා.”








Leave a Reply