උත්සව කාලසීමාව තුළ ව්‍යාජ මුදල් ජාවාරම්කරුවන් ඇතුළු කූඨ ව්‍යාපාරිකයින් පිළිබඳව දැඩි අවධානයකින් පසු වන ලෙස පොලීසිය මහජනතාවට දැනුම් දී තිබෙනවා.
පොලීසිය සඳහන් කරන්නේ අලුත් අවුරුදු සමයේ දී ජනතාව විශාල වශයෙන් විවිධ භාණ්ඩ මිලදී ගැනීමට කටයුතු කරමින් සිටින බැවින් එහිදී විවිධ ජාවාරම්කරුවන් පිළිබඳව ජනතාව කල්පනාකාරී විය යුතු බවයි.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දුව මහතා,
“චාරිත්‍ර වාරීත්‍ර ඉටුකළාට පස්සේ බොහෝ පිරිස් තමන්ගේ නෑදැයින් බලන්න යනවා. ගම්බිම්වල යනවා. යාළු මිත්‍ර ආදීන් බලන්න යනවා. විවිධ චාරිකා යනවා. විනෝද චාරිකා යනවා මේ නිවාඩු කාලසීමාවේ. මේවායෙදී විශේෂ අවධානය යොමුකළයුතු කාරුණු කිහිපයක් තියෙනවා.
ගමන් කරන වාහන පුද්ගලික වාහන වෙන්න පුළුවන් පොදු වාහනයක් වෙන්න පුළුවන්. පුද්ගලික වාහනයක් නම් ඔබගේ වාහනය ධාවනය කරන රියදුරා මත්පැන් පානය කරලා ඉන්නවාද? අධික වේගයෙන් ගමන් කරනවද? ඒ වගේම තමයි මාර්ග නීති කඩකරනවාද කියලා අවධානය යොමු කරන්න.
පොලිස් නිලධාරීන් අපි රාජකාරියේ යොදවලා ඉන්නවා දිවයින පුරාම දැඩි ලෙස රථ වාහන නීතිය ක්‍රියාත්මක කරනවා පොදු ප්‍රවාහන සේවකයින් මෙවැනි රියදුරෙක් ඉන්නවනම් ඔබට එරෙහි වෙන්නට අයිතිය තියෙනවා.
මේ පුද්ගලයා මත්පැන් පානය කරලා කියලා තේරුණොත්, මාර්ග නීති කඩ කරමින් ගමන් කරනවා කියලා තේරුණොත් ඔබට විරුද්ධ වීමේ අයිතිය තියෙනවා. විශේෂයෙන්ම අදිවේගී මාර්ගයේ යම් කාරණයක් සිදුවූවොත් 1969 දැනුම්දීම් කරන්න.”
Leave a Reply