Loading...

බන්ධනාගාර නිලධාරීන්ගේ වැටුප් ගැටළුවට අධිකරණ ඇමතිගෙන් විසදුමක්

බන්ධනාගාර නිලධාරීන්ගේ වැටුප් ගැටළුව විසඳීම සඳහා අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කරන බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසනවා.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ අධිකරණ අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ පැවති මාධ්‍ය හමුවකදීයි.

ඒ අනුව රුපියල් 20000ක දීමනාවක් ඉල්ලා සිටියද අමාත්‍යාංශ ලේකම් සහ බන්ධනාගාර කොමසාරිස් ඇතුළු පාර්ශව සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව රුපියල් 15000ක දීමනාවක් ලබාදීමට යෝජනා කළ බවයි අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේ.

බන්ධනාගාර නිලධාරීන්ගේ ඉල්ලීම්වලට යුක්තිය හා සාධාරණත්වය ඉටුකළ යුතු බව පවසන අමාත්‍යවරයා ඒ පිළිබඳව ජනාධිපතිවරයා අමාත්‍ය මණ්ඩලය සහ භාණ්ඩාගාරය සමඟ සාකච්ඡා කරන බවද ප්‍රකාශ කළා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *