අමෙරිකානු හිටපු ජනාධිපතිවරයෙකු මෙන්ම ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු වන ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා සහභාගී වූ මැතිවරණ රැළියකට වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.
මෙම වෙඩි තැබීම පෙන්සිල්වේනියා ප්‍රාන්තයේ දී සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ වෙඩි තැබීමෙන් ඩොනල්ඩ් ට්‍රම්ප්හට තුවාල ලබා ඇති බවයි.
වෙඩි තැබීම සිදුකළ සැකකරු ආරක්ෂක අංශ වෙඩි ප්‍රහාරවලින් මියගොස් තිබෙනවා.
වෙඩි ප්‍රහාර එල්ල වන මොහොතේ ට්‍රම්ප් බිම දිගාවී ඇති අතර ඔහුගේ කන අසල ලේ තිබෙන අයුරු දක්නට ලැබුණා.
මෙහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත්තේ වෙඩි උණ්ඩයක් දකුණු කනේ වැදුණු බව තමාට දැනුණු බවයි.
මේ අතර මැතිවරණ රැළියක් අතරතුරේ ප්‍රතිවාදී රිපබ්ලිකන් අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එල්ල වූ වෙඩි ප්‍රහාරය තිරිසන් ක්‍රියාවක් බව ජනාධිපති ජෝ බයිඩන් මහතා පවසනවා.
සිද්ධිය වාර්තා වූ මොහොතේ දීම ජනාධිපති බයිඩන් විසින් ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ තත්ත්වය විමසා ඇති බවද වාර්තා වනවා.
Leave a Reply