කොස්තාපල්වරියක් තම පෙම්වතා සමඟ ඇති වූ අමනාපනයක් හේතුවෙන් ඖෂධ වර්ගයක් අධි මාත්‍රාවකින් පානය කර රෝහල් ගත කර තිබෙනවා.
පොලීසිය සඳහන් කරන්නේ එම කොස්තාපල්වරිය මේ වන විට නාරාහේන්පිට පොලිස් රෝහලට ඇතුළත් කර ඇති බවයි.
කොස්තාපල්වරිය සමඟ ප්‍රේම සම්බන්ධතාවය පවත්වාගෙන ගිය පෙම්වතාව ද පොලිස් කොස්තාපල්වරයෙක් බවයි වාර්තා වන්නේ.
පොලීසිය කියා සිටියේ කොස්තාපල්වරිය සම්බන්ධව විනය ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කර ඇති බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබනවා.
තොරතුරු මුලාශ්‍ර – ලංකාදීප පුවත්පත
Leave a Reply