පසුගිය 8 වනදා නවීකරණයට කර මහජන පරිහරණය සඳහා විවෘත කරන ලද පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළේ දේපලවලට හානි සිදු කර ඇති බවට කොටුව පොලිස් ස්ථානය වෙත එම බස් නැවතුම්පලෙහි සුභ සාධක අංශය විසින් සිදු කරන පැමිණිල්ලකට අනුව විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
මේ අනුව විමර්ශන නිලධාරීන් විසින් ඊයේ (11) ඊට සම්බන්ධ සැකකරුවෙකු සොරකම් කරන ලද දේපලවලින් කොටසක් ද සමඟ කැලණිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.
සැකකරු වයස අවුරුදු 33ක් වන කැලණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව වාර්තා වනවා.
සිදුව ඇති හානිය සම්බන්ධ ශ්‍රී ලංකා ගුවන් හමුදාව මඟින් තක්සේරු වාර්තාවක් කැඳවීමට නියමිතව තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම මස 17 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බව සඳහන්.







Leave a Reply