Loading...

බංග්ලාදේශ කණ්ඩායමට අලුත් දඟ පන්දු පුහුණුකරුවෙක්

පාකිස්ථාන හිටපු දඟ පන්දු යවන ක්‍රීඩකයෙකු වන මුෂ්ටක් අහ්මඩ් මහතා බංග්ලාදේශ කණ්ඩායමේ දඟ පන්දු පුහුණුකරු ලෙස පත් කර තිබෙනවා.

එරට ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ ජුනි මාසයේ දී පැවැත්වීමට නියමිත පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය වන තෙක් ඔහු එම ධුරයේ කටයුතු කරන බවයි.

බංග්ලාදේශය හා සිම්බාබ්වේ අතර පැවැත්වීමට නියමිත විස්සයි විස්ස තරඟාවලියට පෙර මුෂ්ටක් අහ්මඩ් මහතා ඩකා නුවර බලා පැමිණීමට නියමිතව ඇති බව වාර්තා වනවා.

2021 වසරේ ජූනි මාසයේ සිට වසර දෙකකට වැඩි කාලයක් බංග්ලාදේශ කණ්ඩායමේ දග පන්දු පුහුණුකරු ලෙස කටයුතු කළේ ශ්‍රී ලංකාවේ හිටපු දඟ පන්දු යවන ක්‍රීඩක රංගන හේරත්.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *